වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීම
- ලියාපදිංචි වීම සඳහා https://athinatha.com/register.php වෙත පිවිස පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
- මුලින්ම ඔබට වඩා පහසු භාෂාව තෝරා ගන්න
-
පසුව දිස්වන පත්‍රිකාවේ අඩංගු විස්තර සම්පූර්ණ කරන්න. මෙහීදී
- ඔබව සම්බන්ධ කර ගත හැකි අංකය - මෙම අංකය වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති අනෙකුත් සාමාජිකයින්ට දැකගත හැකිය.
-
වට්ස්ඇප් අංකය - ශ්‍රී ලංකාවේ අංකයක් නම් සාමාන්‍ය ආකාරයට 0 න් ආරම්භ කර (උදා: 0714565456) අංකය ඇතුළත් කරන්න.
ශ්‍රී ලංකාව හැර වෙනත් රටක අංකයක් ඇතුළත් කරන්නේ නම් එය ජාත්‍යන්තර සම්මත ආකාරයට + ලකුණ හා අදාළ රටෙහි කේතය (country code) ඇතුළත්ව (උදා: +61412345678) ආරම්භ වන ලෙස ඇතුළත් කරන්න.
මෙම අංකය ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා භාවිතා කරනු ලබන අතර එය අනෙකුත් ලියාපදිංචි සාමාජිකයින්ට දැකගත නොහැකිය.
නමුත් ඔබට අවශ්‍ය නම් පහත විස්තර කරන පරිදි ප්‍රවේශ (Login) වූ පසුව ඔබට ඔබගේ පෞද්ගලික පිටුව
https://athinatha.com/profile.php වෙත ගොස් එය අනෙකුත් ලියාපදිංචි සාමාජිකයින්ට දර්ශනය වන පරිදි වෙනස් කළ හැකිය.
-
පිළිතුර පහත කොටුවේ ටයිප් කරන්න - මෙහි දිස්වන අංක දෙකෙහි එකතුව ටයිප් කරන්න.
මෙය යොදා ඇත්තේ පරිගණක භාවිතෙයෙන් ස්වයංක්‍රීයව නිර්මාණය කරනු ලබන ව්‍යාජ ගිණුම් (fake accounts) නිර්මාණය වැළැක්වීම සඳහාය.
- ගිණුම සාර්ථකව නිර්මාණය කිරීමෙන් අනතුරුව ඔබට පහත පරිදි ඔබගේ ගිණුමේ තොරතුරු දැකගත හැකි වනු ඇත.
ලියාපදිංචිය සාර්ථකයි!
ඔබගේ ගිණුම සාදන ලදි. කරුණාකර ඔබගේ පිවිසුම් තොරතුරු සටහන් කරගන්න:
පරිශීලක නාමය: user100015
මුරපදය: 2008-02-29
සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය පියවර:
ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා, කරුණාකර ලියාපදිංචි වට්ස්ඇප් අංකය (0785768574) මගින් ඇඩ්මින් වෙත පණිවිඩයක් එවන්න. ව්‍යාජ ගිණුම් සෑදීම වැළැක්වීම සඳහා මෙය ක්‍රියාත්මක කර ඇත.
- මෙම පිටුවේ ස්ක්‍රීන්ෂොට් (Screenshot) එකක් ලබා ගන්න. එහි ඔබගේ ආරම්භක පරිශීලක නාමය (Username) හා මුරපදය (Password) අඩංගු වේ (ආරම්භක මුරපදය වනුයේ ඔබ විසින් ඇතුළත් කරන ලද උපන් දිනයයි. එය පහත රූපයේ දැක්වෙන ආකාරයෙන්ම ටයිප් කළ යුතුය).
- ඔබගේ ගිණුම සක්‍රීය කිරීම සඳහා මෙහි පහතින් ඇති “සක්‍රීය කිරීමට පණිවුඩය යවන්න” බොත්තම භාවිතා කර අපගේ නිල WhatsApp ගිණුම වෙත WhatsApp පණිවුඩයක් එවන්න.
- අප විසින් ඔබගේ ගිණුම සක්‍රීය කරන තෙක් ඔබට ඔබගේ ගිණුමට ප්‍රවේශ (Login) විය නොහැකිය.
- පළමු වරට ප්‍රවේශ (Login) වූ වහාම ඔබගේ මුරපදය වෙනස් කිරීමට අමතක නොකරන්න.
ඔබගේ ගිණුමට ප්‍රවේශ (Login) වීම හා තොරතුරු වෙනස් කිරීම
- අප විසින් ඔබගේ ගිණුම සක්‍රීය කිරීමෙන් පසුව ඔබට https://athinatha.com/login.php හරහා ඔබගේ ගිණුමට ප්‍රවේශ (login) විය හැකිය.
- පළමු වතාවට ප්‍රවේශ (Login) වීමේදී ඔබගේ මුරපදය ලෙස ඔබගේ උපන් දිනය දක්වා ඇති ක්‍රමයටම ඇතුළත් කරන්න (උදා: 2000-09-15)
-
කරුණාකර ඔබ පළමු වරට ඔබගේ ගිණුමට ප්‍රවේශ (Login) වූ පසුව ඔබගේ පෞද්ගලික පිටුව (My Profile) https://athinatha.com/profile.php වෙත පිවිසීමෙන් පසුව පහත පියවර අනුගමනය කරන්න.
- ඔබගේ මූලික තොරතුරු ඇතුළත් කරන්න.
- ඔබගේ ජායාරූපයක් ඇතුළත් කරන්න.
- My Profile පිටුවේ පහල කෙලවරේ ඇති Security Settings යටතේ ඔබගේ දැනට පවතින මුරපදය (default password) වෙනස් කරන්න.
- මෙය ඔබගේ ගිණුමේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.
- මේ පිළිබඳව ඔබට කුමන හෝ ගැටලුවක් ඇත්නම් කරුණාකර ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න.